අහස ගිනියම් පොලව මත මම
තනිව සිටි එක වෙලාවක්...
නුඹට තිබුනේ දෙනෙත් ඉවතට
ගන්න බැරි වෙන හිනාවක්...
සිහින දහසක පැටලිලා හිත
හෙව්ව ආදර කතාවක්...
නුඹේ ඇස් ලග දුටු නිසා මම
බැලුවෙ තව එක වතාවක්...
කෙහෙරැල්ල දග කරන තරමට
සුලග හමනා වෙලාවක්...
මුරණ්ඩුම නුඹ ඒ වගේමයි
විදිමි හිත එහි කලාවක්...
අරඹන්න ඇරයුම් කලත් සිත
ඉතින් ආදර වතාවත්...
අහස පොලවට වගෙයි නුඹ මට
කිව්ව ඒ තනි කතාවත්...
වියලි පොලවට අහස වැහි බිදු
හෙලයි තව එක වතාවක්...
ඒ වගෙම ඔය දෙනෙත් හමු වෙයි
මටත් තව එක වෙලාවක්...
එදින හෝ සිත සනසවා නුඹ
හදන තුරු පෙම් කතාවක්...
නුඹේ පෙර මග බලා ඉන්නම්
හිතට නෑ කිසි විඩාවක්...
---සිතූ (මාරී)---
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment