රස්තාෆාරියන් කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකක්. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.
Marcus Garvey නම් පුද්ගලයා විසින් මෙම දහමේ පදනම සකස් කර ඇති බව පිලිගනියි. බයිබලයේ සදහන් ස්නාවක ජොහාන්ගේ දෙවෙනි පැමිණීම ලෙස මෙම පුදගලයාව , රස්තාෆාරි බැතිමතුන් විශ්වාස කරයි. මොහු මෙම රස්තාෆාරියන් දහමේ අඩංගු දෑ ඉදිරිපත් කලේ මෙම ආගම සදහාම නොවේ. කළු ජාතිකයන් එකල දැඩි පීඩා විදිමින් සිටි නිසා ඔවුන්ගේ ජීවන තත්වය හා ධෛර්යය වැඩි කිරීමට මෙම දර්ශනය මොහු විසින් ගෙනෙන ලදි. Marcus යනු selessie ට පෙර කාලයේ ජීවත් වූ පුද්ගලයෙක් වූ අතර පසු කාලයේදී selessie විසින් ඔහුගේ දර්ශනය රස්තාෆාරියන් දහමට ඇතුලත් කරන ලදි
දැනට රස්තාෆාරි ආගමිකයන් මිලියනයක්ට වඩා සිටින බව ගනන් බලා ඇත. අප්‍රිකාව මුල් කරගෙන බිහිවූ මෙම ආගම දැන් ලෝකයේ දස අත පැතිරී ඇත. මෙම දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් කලේ බොබ් මාලේ විසිනි ( 1970s ). රස්තාෆාරියන් දහමට අනුව දෙවියන් විසින් තෝරාගත් ජනතාව වන්නේ කළු ජාතිකයන් ය. ( බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජනතාව වන්නේ ඊශ්‍රායෙල් ජනතාව යි.
රස්තාෆාරියන් බැතිමතුන් බයිබලයේ පැරණි ගිවිසුමේ අඩංගු නීති බොහොමයක් භාවිතා කරයි. එමෙන්ම මේ දහම ගැන කියද්දි ගංජා ගැන අනිවාර්යයෙන්ම කතා වෙනවා. රස්තා බැතිමතුන් ගංජා භාවිතා කිරීමෙන් දෙවියන්ට වඩා ලං විය හැකි බව විශ්වාස කරයි. බොබ් මාලේ ගංජා භාවිතා කලේ එම හේතුව නිසයි. එමෙන්ම මෙම බැතිමතුන් කිසි විටෙක තම ශරීරය කැපීමට ඉඩ නොදෙයි.
මෙම දහමේ භාවිතා වන වර්ණ කිහිපයක් ඇත. එම වර්ණ නම් රතු, කොළ , රත්තරන් සහ කලු වේ. මෙම වර්ණයන් යොදාගෙන ඇත්තේ තේරුමක් ඇතිවයි.
රතු - ජැමැයිකානු ඉතිහාසයේ කලු ජාතිකයන් තමන්ගේ විමුක්තිය උදෙසා හැලූ ලේ සංඛේතවත් කිරීමට.
කොළ - නිර්මාංශ බව පෙන්නුම් කිරීමට
රත්තරන් - ඉතියෝපියාවේ ඇති ධනය පෙන්නුම් කිරීමට
කලු - රස්තාෆාරි බැතිමතුන් වූ කලු ජාතිකයන්ගේ වර්ණය සිහි ගැන්වීමට
මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන , විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතියි. රස්තාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්තාෆාරි බැතිමතුන් එය භාවිතා කරන්නේ නැත. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකල යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වේ. එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි.
මෙම බැතිමතුන් මෙය දහමක් ලෙස හදුන්වාදීමට අකමැතියි. මෙය දර්ශනයක් ලෙස හදුන්වාදීමට ඔවුන් උත්සහ කරයි. රස්තාෆාරි ආගමිකයන්ගේ සංඛෙතය වන්නේ සිංහයා ය. මොවුන්ගේ කොඩිය වන්නේ selessie ගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ කොඩියයි.
රස්තාෆාරි දහම ගැන උපුටා ගත් කරුණු මෙහි ඇත.
No comments:
Post a Comment