Breaking

Post Top Ad

Your Ad Spot

Saturday, September 15, 2018

අම්මා නම් වූ සත් පතිනියට...

ඇහිපිල්ලමට යටිනී

සත් සමුදුරෙන් පනිමී

සිසිවන උවන දකිමී

එදා වගෙමයි කියමී...



මතක පොත දිග හරිමී

දුක හිතෙන තැන් වසමී

නුඹ හැඩු තැන් මකමී

අලුත් කවියක් ලියමී...



මල් කැකුළකින් ඉපදී

මගෙ අප්පච්චීට බහදී

අපට අම්මා වී දිවිදී

වීය මගෙ සත් පතිනී...



පඬිගේ තෙවැනි ඇසිනී

අප්පච්චිගේ පණ මැකුනී

අපි දෙන්නා එක්ක පතිනී

පඬිපුර මහ සටන් වැදුනී...



ගල් මත වැපිරි බතිනී

සාගිනි නිව්වාය පතිනී

අනා කැවු බත් පිඩෙනී

තටු දෙකක් මට ලැබුනී...



සත් මූදෙන් එහා ඉගිලී

ආවට සත් පතිනී

ඉර පෑයුවේ සොදිනී

නුඹේ හඬටයි මවුනී...



උතුරු සළුවක්ද වියමී

සළඹක්ද මම ගෙනෙමී

ණය ගෙවනු බෑ පතිනී

නුඹට බුදු බව පතමී..

3 comments:

Pages