Breaking

Post Top Ad

Your Ad Spot

Wednesday, September 19, 2018

පරණ පෙම්වතීට....ආදරෙන්...



පරණ පෙම්වතීට..
       ආදරෙන්.............
ගෙවුන හැම වසරෙම
හිටියෙ නෑ උඹ මතකෙම
අහම්බෙන් මෙ දවසෙම
හමු උනේ උඹ මෙහෙදිම

ඇදල ඩෙනිමත් හිරටම
කපල ඇහි බැමි කොටටම
පාට කරගෙන දෙතොලම
යතුරු පැදියක නැගගෙන..

එදා දුටු කෙලිකම
යැවුවදෝ දුරටම
නුඹ වැරැද්දූ තැන
හදා ගත්තෙමි තනියම

සෙනෙහෙ මදි වූවම
නුඹ ගියේ පිට පාරෙම
වටේටම දුන්නම
බලාගෙන හිටියා මම

මොකද බං ආයෙම
ඇඹරෙන්නෙ මං ගාවම
පරන උනු වාහන
ගන්න ආසම නෑ මම

දන්නවද නුඹ ගියහම
වැරදුනේ නම් නෑ මට
තිලිනයකි ඇය වටිනම
සුව කරපු මගෙ දිවියම

සෙව්වන්දි ලග නිතරම
බමරුන් ඉදියි වටටම
ඇය ඇත්තෙ තනියම
යමි පරක්කුයි හොදටම

ඇයට දුන්නෙමි දිවියම
එන්නෙපා බං ආයෙම
පාටට හැඩට වැඩියම
ලස්සනයි ඇගෙ හිත මට

සිතූ (මාරි )


No comments:

Post a Comment

Pages