Breaking

Post Top Ad

Your Ad Spot

Tuesday, September 18, 2018

ආදරණීය රාවණා...



ප්‍රේමයේ අවියෙන්
මා රැකපු පනමෙන්
නුඹයි දැන් යක්ශයා
රාවණා...

පතිවතක් සොයමින්
මා දැවූ ගින්නෙන්
රාම දෙවියෙක් උනා
රාවණා...

නැගුණු රා ගින්නෙන්
සිටියෙ නුඹ ඉවසන්
ඒත් නුඹ දුශ්ඨයයි
රාවණා...

බිසෝවරු මැද්දෙන්
විදින සුව අතරින්
රාම පිදුමක් උනා
රාවණා...

ඇසුනු හැම පුවතින්
වැරදිකරු වූවෙන්
ලෝකයම විරුද්ධයි
රාවණා...

මා දැවෙමි ගින්නෙන්
නුඹත් දැන් පලයන්
රාමාට දිනුම දෙමු
රාවණා...
සිතූ(මාරි )

No comments:

Post a Comment

Pages